ඉන්දරතන හිමියන්ගේ අවසන් කටයුතු හෙට. -සිංහල රාවයෙන් විරෝධය.

Monday, 27 May 2013 - 13:09

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B6%A7.+-%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD+%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA.

සිරුරට ගිනි තබා ගැනීමෙන් පසු, අපවත්වී වදාළ බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ දේහය ආදාහනය කර අවසන් වනතුරු දිවයින පුරා සියලූ ගව ඝාතකාගාර වසා දමන ලෙස සිංහල රාවය සංවිධානය ඉල්ලීමක් කරනවා. එම සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය පුලියද්දේ සුධම්ම හිමියන් සඳහන් කළේ මෙම ඉල්ලීම අදාළ බලධාරින් වෙත යොමුකර ඇති බවයි.

[MP3]s59772_1[/MP3]                                              

මේ අතර, ලබන බදාදා සිදුකිරීමට නියමිතව තිබූ පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ ආදාහන කටයුතු ප්‍රදේශයේ පොලිස් ප්‍රධානින්ගේ සහ ස්වාමින් වහන්සේලා කිහිපදෙනෙකුගේ බලපෑම මත හදිසියේම හෙට දිනයට යොදා ගැනීම සම්බන්ධයෙන් සිංහල රාවය සංවිධානය විරෝධය පළ කරන බවයි පුලියද්දේ සුධම්ම හිමියන් කියා සිටියේ.

[MP3]s59772_2[/MP3]

සිංහල රාවය සංවිධානය එල්ල කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය රත්නපුර ප්‍රදේශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩිගෙන් විමසීමක් කළා. එහිදී, ඔහු කියා සිටියේ ආදාහන කටයුතු සම්බන්ධයෙන් සියලූ තීරණ ආදාහන කමිටුව විසින් ගෙන ඇති බවයි. විහාරස්ථානය අවට ආරක්ෂක කටයුතුවලට පමණක් පොලිසිය මැදිහත් වන බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා තවදුරටත් කියා සිටියා.

ආදාහන කටයුතු හෙට  දිනයේ සිදුකිරීමට තීරණය කළේ ඉදිරි පැය 48 තුළ ආදාහන කටයුතු සිදුකරන ලෙස, ලබා දුන් අධිකරණ තීන්දුවකට අනුව බවයි පොරෝනුව - ශ්‍රී සුගත විහාරයේ දායක සභාවේ භාණ්ඩාගාරික ජගත් ආනන්ද සඳහන් කළේ. ඒ අනුව, හෙට පස්වරුවේ පොරා්නුව - පොදු ක්‍රීඩාංගනයේදී අපවත්වී වදාළ පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ දේහය සම්බන්ධයෙන් ආදාහන කටයුතු සිදුකරන බව ද ඔහු කියා සිටියා.

[MP3]s59772_3[/MP3]                                                           

කෙසේ වෙතත්, මහනුවර - අලවතුගොඩ අද (27) පැවති උත්සවයකට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍යයේ පැවැත්ම සහ බෞද්ධ භික්ෂුවගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙලෙස අදහස් පළ කළා.

[MP3]s59772_4[/MP3]                                                                 

මේ අතර, මහනුවර - මැණික්හින්න ප්‍රදේශයේ පැවති උත්සවයකට ඊයේ (26) එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක, පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.

[MP3]s59772_5[/MP3]                                                          



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories