වරායේ ගින්න ගැන වෘත්තීය සමිති අතර මත ගැටුම්.

Monday, 27 May 2013 - 13:33

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.



කොළඹ වරායේ සී.එෆ්.එස් 01 ගුදමේ හටගත් ගින්නට හේතුව සම්බන්ධයෙන් සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය විසින් නගන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වරාය ශාඛාව පවසනවා. එහි උප ලේකම් ඉන්දික මහේෂ් සඳහන් කරන්නේ ගුදමේ ගිනි ගන්නා සුළු කිසිවක් ගබඩා කර නොතිබූ බවයි. නමුත්, සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ගිනි ඇවිලෙන සුළු භාණ්ඩ ගුදමේ ගබඩා කිරීම මෙම ගින්නට හේතුව බවයි.

[MP3]s59777_1[/MP3]

නමුත්, එය ප්‍රතික්ෂේප කරන බවයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වරාය ශාඛාවේ උප ලේකම් ඉන්දික මහේෂ් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

[MP3]s59777_2[/MP3]

කොළඹ වරායේ සී.එෆ්.එස්. 1 ගුදමේ පසුගිය සෙනසුරාදා අලූයම ගින්නක් හට ගත්තා. ගින්න ඇති වන අවස්ථාවේදී රුපියල් කෝටි ගණනක් වටිනා විද්‍යුත් උපකරණ, නිමි ඇදුම් සහ සුවද විලවුන් ආදී භාණ්ඩ රැසක් ගබඩා කර තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන සදහන් කළේ ගින්න පිළිබඳ පරීක්ෂණ කටයුතු අඛණ්ඩවම තවදුරටත් සිදුකරන බවයි. රජයේ රස පරීක්ෂකවරයා විසින් සිදුකළ පරීක්ෂණවල වාර්තා ලැබීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories