තමිල්නාඩුවේ දී මෙරට හමුදාවන්ට යුද පුහුණුව නැහැ. - ඉන්දීය ආරක්ෂක ඇමති.

Tuesday, 28 May 2013 - 7:35

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92.

ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින්ට තමිල්නාඩු ප්‍රාන්තය තුළ පුහුණුවීම් ලබානොදෙන බව ඉන්දීය ආරක්ෂක ඇමති ඒ.කේ. ඇන්තනි පවසනවා. තමිල්නාඩුවේ තන්ජාවූර් හිදී ඉන්දීය ගුවන් හමුදා කඳවුරේ නව ගුවන් පථයක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා. කෙසේ වුවත් ඉන්දියාවේ අනෙකුත් ප්‍රාන්තවල පිහිටි පුහුණු යුද කදවුරුවලදී ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් පුහුණු කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියගෙන් විමසීමක් කළා. ඊට ප්‍රතිචාර දැක්වූ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා.

[MP3]s59811_1[/MP3]

මේ අතර, එම්.ඞී.එම්.කේ පක්ෂයේ නායක වයි. ගෝපාලස්වාමි නොහොත් වයිකෝ ශ්‍රී ලංකාව තුළ දෙමළ ජනතාවට වෙනම රාජ්‍යයක් ලබාදෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර කියා සිටියේ ජනමත විචාරණයක් පවත්වනවාට වඩා උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම වැදගත් බවයි.

 
[MP3]s59811_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories