නවනීදන් පිල්ලේ අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවට.

Tuesday, 28 May 2013 - 7:37

%E0%B6%B1%E0%B7%80%E0%B6%B1%E0%B7%93%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.


 
ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ ලබන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ජිනිවා හි ජගත් සංවිධාන ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ පවසනවා. ලබන අගෝස්තු 25 වන දා සිට 31 වන දා දක්වා ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ඇති. ලක් රජය විසින් 2011 වසරේ අප්‍රේල් මාසයේ දී සිදුකළ ඇරයුමක් අනුවයි ඇය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ. මෙය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සහ ශ්‍රී ලංකාව අතර පවතින විනිවිදභාවයෙන් යුත් ඵලදායී සම්බන්ධතාව ඉදිරියට ගෙන යාමට වැදගත් වන බවයි ජිනිවා හි ශ්‍රී ලංකා නියෝජිත රවිනාථ ආරියසිංහ ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම තුළින් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියට ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක සංහිඳියා ක්‍රියාමාර්ග පිළිබදව අවබෝධයක් ලබා ගත හැකියි. 30 වසරක් මෙරට පැවැති රුදුරු ත්‍රස්තවාදය අවසන් කර තවමත් ගත වී ඇත්තේ වසර 4ක් පමණයි. එම කාලය තුළ ශ්‍රී ලංකාව යළි නැගී සිටීමට දරණ ප්‍රයත්නය ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියට සිය සංචාරයේ දී දැක ගැනීමට හැකි වනු ඇතැයි ජිනිවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ සදහන් කළා. එමෙන්ම මානව හිමිකම් මණ්ඩලය සහ ශ්‍රී ලංකාව අතර ඵලදායී සම්බන්ධතාවක් ගොඩනැංවීමට ද මෙම සංචාරය ඉවහල් වනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories