මහසෙන් වෙනුවෙන් කාලගුණය සමාව ගනී.

Tuesday, 28 May 2013 - 12:53

%E0%B6%B8%E0%B7%84%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට පසුගිය දා බලපෑ සුළි කුණාටුව ‘‘මහසෙන්’’ යනුවෙන් නම් කිරීම පිළිබදව ජාතියෙන් සමාව අයැද සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අද (28) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අධ්‍යක්ෂ ජනරාල් එස්.එච්. කාරියවසම් කියා සිටියේ උතුරු ඉන්දියානු සාගර කලාපයේ වර්ධනය වන සුළි කුණාටු සදහා නම් 2000- 2001 වසරවලදී සුළි කුණාටු අනු මණ්ඩලය වෙත ලබාදී තිබූ බවයි. ශ්‍රී ලංකාව ද නම් 23ක් සුළි කුණාටු අනු මණ්ඩලය වෙත ලබාදී තිබූ බවත්, පසුගිය දා ඇති වූ සුළි කුණාටුව මහසෙන් ලෙස නම් කෙරුණේ ඒ අනුව බවත් ඔහු ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, එමගින් මෙරට කීර්තිමත් රජෙකු වූ මහසෙන් රජුට අගෞරව කිරීමේ අරමුණක් නොතිබුණු බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

 
[MP3]s59831[/MP3]                                                              

 
පසුගිය දා ඇති වූ සුළි කුණාටුවට මහසෙන් නම යෙදීමත් සමග මෙරට සිවිල් සංවිධාන රැසක් ඊට විරෝධය පළ කළා. දේශීය වාරි සංස්කෘතික උරුමය සුරැකීමේ ජාතික සභාව ද මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. කෙසේ වෙතත්, අද (28) පැවැති මාධ්‍ය හමුවට එම සභාවේ සභාපති සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියන් ද එක්ව සිටියා. උන්වහන්සේ අදහස් දක්වමින් කියා සිටියේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමාව ඉල්ලීම නිසා ඉදිරියේ දී ඔවුන්ට විරුද්ධව ගැනීමට බලාපොරොත්තු වූ ක්‍රියාමාර්ග අත්හිටුවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories