13 වෙනස් කළොත් දෙමළ සන්ධානය පාර්ලිමේන්තුව වර්ජනයක.

Tuesday, 28 May 2013 - 12:56

13+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A.

13 වන සංශෝධනය අහෝසි කළහොත් දෙමළ සන්ධානය පාර්ලිමේන්තුව වර්ජනය කරන බව ටෙලෝ සංවිධානයේ දේශපාලන අංශයේ නායක, දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එන්.කේ. සිවාජිලිංගම් පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සදහන් කළේ පාර්ලිමේන්තුව වර්ජනය කළහොත් එයින් රජයට බලපෑමක් ඇති වන බවයි. ජාතික හෙළ උරුමය විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන එන පළාත් සභා අහෝසි කිරීමේ පනතට ද තමන් විරෝධය පළ කරන බවයි ඔහු කියා සිටියේ.

 

[MP3]s59833_1[/MP3]                                                                          

 

කෙසේ වෙතත්, දෙමළ ජාතික සන්ධානය නගන මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහගෙන් විමසීමක් කළා.

 

[MP3]s59833_2[/MP3]                                                                                                                                     

 

මේ අතර, මෙරට පළාත්වලට වැඩි බලතල ලබාදීම සඳහා ඉන්දියාවේ මැදිහත්වීමෙන් ඇති කළ 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැඩි අවදානමකට ලක්ව ඇති බව තමිල්නාඩු ඞී.එම්.කේ. පක්ෂ නායක මුත්තුවෙල් කරුණානිධි පවසනවා. තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමති කරුණානිධි මේ බව ප්‍රකාශ කළේ ඔහුගේ ඞී.එම්.කේ. පක්ෂයේ ප්‍රචාරක පුවත්පත වන මුරසොලි නොහොත් බෙර හඬ පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින්. 13 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ස්ථාපිත කරුණු දුර්වල නොකරන ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් පසුගිය සතියේ ශ්‍රී ලංකාවට කළ දැනුම්දීම ද කරුණානිධි මෙහිදී සිහිපත් කළා. ඔහු වැඩිදුරටත් සදහන් කළේ මේ තත්ත්වය යටතේ ප්‍රකාශිත පරිදි මේ වසරේ උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි ද යන්න පිළිබදව සැකයක් මතුවන බවයි.

 


පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමේ සැලසුම්වලට විරෝධය පළ කරමින් උතුරුමැද පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ද අද (28) එම පළාත් සභාව තුළ විරෝධතාවක නිරත වුණා. කළු පටි පැළද සභා ගර්භයට පිවිසි ඔවුන් එහි බිම වාඩි වී විරෝධතාවයේ නිරත වීම නිසා සභාවේ කටයුතු විනාඩි 10ක කාලයකට අත්හිටුවීමට මූලාසනයට සිදුවු බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories