ගිනි තබාගත් ඉන්දරතන හිමියන් අවසන් ගමන් යයි.

Tuesday, 28 May 2013 - 19:05

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A++%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිටදී සිරුරට ගිනි තබාගෙන අපවත්වී වදාළ පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ  පොරෝනුව - පොදු ක්‍රීඩාංගනයේදී සිදුවුණා. අන්‍යාගමිකරණයට සහ ගව ඝාතනයට එරෙහිව නීති සම්මත කරන ලෙස ඉල්ලමින් පසුගිය වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදියි උන්වහන්සේ සිරුරට ගිනිතබාගත්තේ. මාළිගාකන්ද අධිකරණයෙන් පොලීසිය ලබාගත් නියෝගයකට අනුව උන්වහන්සේගේ දේහය තැන්පත් කර තිබුණේ පොරෝනුව - ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේයි. එහිදී උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ගිහි පැවිදි විශාල පිරිසක් එක්වුණා. දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණු අද දිනයේ කහවත්ත ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යොදා තිබූ අතර නගරයේ සුරාසැල් සහ මස් අලෙවි සැල් වසා දමා තිබුණා.

කහවත්ත, රත්නපුර ඇතුලූ ප්‍රදේශයේ නගර කිහිපයක කහ කොඩි ඔසවා අපවත්වී වදාළ බෝවත්තේ ඉන්දරතන හිමියන්ට අවසන් ගෞරව දැක්වීමද විශේෂත්වයක්. දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණු ආකාරය පැහැදිළි කරන හිරු කහවත්ත ප්‍රාදේශීය වාර්තාකරු ලසන්ත නිරෝෂන.

[MP3]s59856_1[/MP3]                                                      

1991 වසරේ පැවිදි දිවියට ඇතුලූ වූ පූජ්‍ය ඉන්දරතන හිමියන් අපවත්වන විට 31 වන වියේ පසුවුණා. 2011 පළාත් සභා මැතිවරණයේදී ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ ඉන්දරතන හිමියන්ගේ මන්ත්‍රී ධුරය උන්වහන්සේ අපවත්වන විට අහෝසි වී තිබුණේ අවසන් සභා වාර 7 ට සහභාගි නොවීම හේතුවෙන්.

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවයේදී අදහස් දක්වමින් ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ ඉන්දරතන හිමියන් ජාතිය වෙනුවෙන් ජීවිත පූජාවක් සිදුකළ බවයි.

[MP3]s59856_2[/MP3]                               

ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද අද කොළඹදී පූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් ගේ අපවත්වීම පිළිබඳව අදහස් දක්වා සිටියා.

[MP3]s59856_3[/MP3]                      

එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක කියා සිටියේ ආණ්ඩුව ඉන්දරතන හිමියන්ගේ ඉල්ලීම් යටපත් කිරීමට උත්සාහ කරන බවයි.

[MP3]s59856_4[/MP3]                  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories