ජාඇලදී මහ දවල් ලක්ෂ 75 ක මුදල් කොල්ලයක්.

Tuesday, 28 May 2013 - 19:16

%E0%B6%A2%E0%B7%8F%E0%B6%87%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%84+%E0%B6%AF%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+75+%E0%B6%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

අද දහවල් ජා ඇල - ඒකල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 75 ක මුදල් කොල්ලයක් සිදුවුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද දහවල් 12.50 ට පමණ ඒකල ප්‍රදේශයේ පිහිටා තිබෙන ඇඟළුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිටදී සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම කොල්ලය සිදු කර පළාගොස් ඇති බවයි. ඇඟළුම් කර්මාන්ත ශාලාවේ හිමිකරු විසින් සිය පෞද්ගලික මුදල් අවශ්‍යතාවයක් සඳහා බැංකුවෙන් රැගෙන එමින් සිටි ලක්ෂ 75 ක මුදලකුයි මෙලෙස කොල්ල කා ඇත්තේ. කොල්ලය සිදුවූ ආකාරය ඇඟළුම් කර්මාන්ත ශාලාවේ ආරක්ෂක කැමරා පද්ධතිවල සටහන්වී තිබෙනවා. එම ආයතනයේ මානව සම්පත් කළමනාකරු ඉන්දික ගමගේ ඒ පිළිබඳව මෙලෙස හිරු ප්‍රවෘත්ති අංශයට කරුණු පැහැදිළි කළා.

[MP3]s59858[/MP3]                   

සැකකරුවන් සොයා මේ වනවිට ජාඇල පොලීසිය සහ කැළණිය අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් පත්කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories