වරාය ගුදමේ ගින්නේ පාඩුව මිලියන 500 කට ආසන්නයි.

Wednesday, 29 May 2013 - 7:38

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%9C%E0%B7%94%E0%B6%AF%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+500+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%92.

කොළඹ වරායේ සී.එෆ්.එස් 01 ගුදමේ ඉකුත් 24 වැනිදා ඇතිවූ ගින්නෙන් හානි වූ භාණ්ඩ පිළිබඳ අවසන් තක්සේරුවක් අද (29) දිනයේ නිකුත් කළ හැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රකාශ කළා. මේ වනවිට ව්‍යාපාරිකයන් 338 දෙනෙක්ගෙන් සිය භාණ්ඩ පිළිබඳ තොරතුරු ලැබී තිබෙනවා. දැනට ගණන් බලා ඇති අන්දමට මෙහිදී සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 500 ක් පමණ වන බව සඳහන්. ඉන් භාණ්ඩවලට සිදුවූ පාඩුව රුපියල් මිලියන 300 ත් 350 ත් අතර මට්ටමේ පවතින බවයි වරාය අධිකාරි ආරංචි මාර්ග ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් අදාළ භාණ්ඩ වරාය ගාස්තුවලින් නිදහස් කිරීමට කටයුතු කරන බවද සඳහන්. එසේම ඒවා වෙනුවෙන් ගෙවා තිබෙන බදු මුදල් ඉවත් කිරීමට මහා භාණ්ඩාගාරය කටයුතු කරනු ඇතැයිද වරාය අධිකාරියේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

 

කොළඹ වරායේ සී.එෆ්.එස් 01 ගුදමේ මෙම ගින්න සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ පිළිබද වරාය සහ මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන දක්වා සිටියේ මෙවන් අදහසක්.

 
[MP3]s59882[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories