සපුගස්කන්ද තවදුරටත් අවදානමේ.

Wednesday, 29 May 2013 - 12:49

%E0%B7%83%E0%B6%B4%E0%B7%94%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%9A.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු සඳහා සුදුසු බොරතෙල් වර්ගයක් මේ දක්වා සොයා ගැනීමට නොහැකි වීමෙන් එහි කටයුතු සිදුකරගෙන යාම පිළිබඳව ඇති වී තිබෙන ගැටලූව තවම විසඳී නැහැ.  ඛනිඡ තෙල් සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ සුසන්ත ද සිල්වා කියා සිටියේ තෙල් පිරිපහදුවට දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා කරනු ලැබුවේ ඉරානියන් ලයිට් නමැති බොරතෙල් වර්ගය බවයි. එහෙත් ඇමරිකාව විසින් ඉරානයට සම්බාධක පැනවීම නිසා එම ඉන්ධන ලබා ගැනීම නොහැකි වී ඇති බව ද ඔහු කියා සිටියා.

 
[MP3]s59901_1[/MP3]

 

මේ නිසා, කඩිනමින් සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කළ යුතු බවත්, එසේ නොකළහොත්, ඉදිරියේදීත් පිරිපහදුවේ කටයුතු සිදුකරගෙන යාමේදී ගැටලූ මතුවිය හැකි බවයි කළමනාකරණ අධ්‍යක්ෂවරයා කියා සිටියේ.

 
[MP3]s59901_2[/MP3]                                   



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories