අනුරාධපුරයේ ද්විත්ව ඝාතනයට හේතුව පෙම් හබයක්.

Wednesday, 29 May 2013 - 12:51

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

අනුරාධපුරය - අභයපුර ප්‍රදේශයේදී මවක් සහ දියණියක් ඊයේ රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කළ සිද්ධියේ සැකකරු මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු සිදුකළ පාපොච්චාරණයට අනුව, ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට මුල් වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ. මොහු ඊයේ (28) රාත්‍රී 9.00ට පමණ සිය පෙම්වතියේ නිවසට ගොස් තිබෙනවා. අනතුරුව, පෙම්වතියට හා ඇගේ මවට තියුණු ආයුධයකින් ඇණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ. එම අවස්ථාවේදී, පෙම්වතියගේ පියා විසින් සැකකරුට පහරදීමට උත්සාහ කිරීමේදී සැකකරු ඔහුට ද තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා. මෙහිදී පෙම්වතියගේ පියා එල්ල කළ පහරකින් ඝාතනයෙන් පසු, සියදිවි නසා ගැනීමේ අරමුණින් සැකකරු රැගෙන ආ වස බෝතලය බිම වැටී තිබූ අයුරු ද එම ස්ථානයට ගිය පොලිස් නිලධාරින් විසින් නිරීක්ෂණය කර ඇති බව සඳහන්. අනතුරුව ඝාතනය සිදුකළ සැකකරු ඊයේ රාත්‍රියේම අනුරාධපුරයේ සිට කොළඹ බලා පැමිණෙන දුම්රියක නැග ඇති බවටයි සැකකරු පොලිසියට සිදුකළ පාපොච්චාරණයේ දැක්වෙන්නේ. එහෙත්, දුම්රියේ නැග ටික දුරක් එන විට තමා කළේ වරදක් බව වැටහුණු හෙයින් නැවත පොලිසිය වෙත භාරවීම සඳහා තඹුත්තේගම ප්‍රදේශයෙන් දුම්රියෙන් බැස ගත් බව ද ඔහු සඳහන් කර තිබෙනවා. ඒ වනවිට, පොලිසිය අදාළ ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකරු පසුපස ලූහුබඳිමින් සිටි අතර, තඹුත්තේගම දුම්රිය පොල ආසන්නයේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තවදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories