චීන සංවර්ධන බැංකුවෙන් ජනපතිට සහතිකයක්.

Wednesday, 29 May 2013 - 13:16

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

විදේශ රටවලට සංවර්ධන මූල්‍ය පහසුකම් සැලසීමේදී සැමවිටම ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වයක් ලබා දෙන බව චීන සංවර්ධන බැංකුව පවසනවා. එහි සභාපති, හූ හුවායිබැංග් මේ බව කියා සිටියේ මේ වනවිට චීනයේ සිව් දින නිල සංචාරයක නිරත වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීයි. මෙම හමුව, සිදුවූයේ බීජිං හි චයිනා වර්ල්ඞ් හෝටලයේදීයි. තම බැංකුව සමඟ ශ්‍රී ලංකාව පවත්වාගෙන යන සහයෝගිතාවය පිළිබඳව ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කරන බව චීන සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ප්‍රකාශ කළ අතර, ඉදිරියේදී එම සහයෝගිතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බව ද, ප්‍රකාශ කළා. උතුරු අධිවේගී මාර්ගය ඉදිකිරීම , චීන සංවර්ධන බැංකුවේ දායකත්වය ලැබෙන ප්‍රධාන ව්‍යාපෘතියක්. 1994 දී ස්ථාපිත කළ චීන සංවර්ධන බැංකුව විදේශීය රටවල සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය සපයන චීනයේ විශාලතම මූල්‍ය ආයතනයයි. 2013 පළමු කාර්තුව අවසන් වනවිට බැංකුවේ වත්කම් ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 1 යි දශම 5ක්. සංවර්ධන මූල්‍යාධාර සඳහා ශ්‍රී ලංකාව කරන ඉල්ලීම්වලට ඉහළ අවධානයක් යොමුකරන බවයි චීන සංවර්ධන බැංකු සභාපතිවරයා ප්‍රකාශ කළේ. මෙම හමුවේදී අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ චීන සංවර්ධන බැංකුවේ ආධාර ඇතිව ආරම්භ කළ මොරගහකන්ද ජලාශ යෝජනා ක්‍රමයේ වැඩ නිම කිරීමට ද උදව් කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.

 

මේ අතර, චීන ගේ‍්‍රට්වෝල් ඉන්ඩස්ටි‍්‍ර කෝප් ආයතනය සමඟ නව සන්නිවේදන චන්ද්‍රිකාවක් නිෂ්පාදනය කිරීමේ ගිවිසුමක් ඊයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපති   ෂී ජිං පිං ඉදිරියේ අත්සන් තැබූ බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories