පොලිස් අණ නොතැකූ කොල්ල කල්ලියකට වෙඩි ප්‍රහාරයක්.

Wednesday, 29 May 2013 - 18:43

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%90%E0%B6%9A%E0%B7%96+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

රන් ආභරණ සහ මුදල් තොගයක් කොල්ල කා මෝටර් රථයකින් පලා යමින් සිටි කොල්ලකරුවන් පිරිසකට දුටුවැව - මඩුකන්ද ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් කොල්ලකරුවන් දෙදෙනෙකු තුවාල ලැබුවා. තවත් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර තුවාල ලැබූවන් වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සීදූව, නන්දරතන විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට අයත් මෙම මෝටර් රථය සහ රන් ආභරණ මෙන්ම මුදල් තොගයක්ද කොල්ලකෑ බවට උන්වහන්සේ ඊයේ පොලීසියට පැමිණිල කර තිබූ බවයි. ඒ අනුව පරීක්ෂණ ක්‍රියාත්මක වූ අතර දුටුවැව පොලිස් මුරපොලේදී පලායන මෝටර් රථය නැවැත්වීමට පොලිස් නිලධාරීන් උත්සාහ කළා. එහෙත් පොලිස් අණ නොතකා එය ඉදිරියට ධාවනය වී ඇති අතර පසුපසින් ලූහුබැඳ ගිය පොලීසිය මෝටර් රථයට වෙඩි තබා කොල්ලකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories