ජනමත විචාරණයකින් ව්‍යවස්ථාව වෙනස් කිරීමට නීති විශාරදයින්ගේත් සහය.

Wednesday, 29 May 2013 - 19:04

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA.

තම ආණ්ඩුවක් පිහිටුවා මාස 6 ක් ඇතුළත තමන් සකස් කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ජනමත විචාරණයකට ලක් කරන බව එක්සත් ජාතික පක්ෂය අද කියා සිටියා. එම ව්‍යවස්ථාව සම්මත වුවහොත් එය, මෙරට ජනමත විචාරණයකින් ස්ථාපිත කෙරෙන පළමු ව්‍යවස්ථාව බවට පත්වනවා.

එක්සත් ජාතික පක්ෂය සකස් කර ඇති නව ව්‍යවස්ථා කෙටුම්පතේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ එම ජනාධිපති ධුරය අහෝසි කිරීමයි. 1978 හඳුන්වා දුන් මනාප ඡුන්ද ක්‍රමයද අහෝසි කෙරෙනවා. පළාත් සභාවල ආණ්ඩුකාර ධුරයද අහෝසි කෙරෙනු ඇති. ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණ සඳහා වෙනම ව්‍යවස්ථා අධිකරණයක්ද පිහිටුවන බවයි එක්සත් ජාතික පක්ෂ නව ව්‍යවස්ථා කෙටුම්පතේ සඳහන් වන්නේ.

සිය පක්ෂය සැකසූ ව්‍යවස්ථා කෙටුම්පත, සිවිල් සංවිධාන සහ පක්ෂ නියෝජිතයන්ට පිළිගැන්වීමේ  අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අදහස් පළ කළා.

[MP3]s59928_1[/MP3]

මෙම අවස්ථාවට එක්වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ උප සභාපති ආචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියන් 1978 සිට පවතින ව්‍යවස්ථාව විවිධ නායකයින් ක්‍රියාත්මක කරන ආකාරයේ වෙනසක් ඇතැයි කියා සිටියා.

[MP3]s59928_2[/MP3]              

ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් පමණක් පවතින ගැටළුවලට විසඳුමක් නොලැබෙන බවද උන්වහන්සේ කියා සිටියා.

[MP3]s59928_3[/MP3]

ජනමත විචාරණයකින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ එක්සත් ජාතික පක්ෂයේ උත්සාහය පිළිබඳ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විශාරදයෙකු වන ජ්‍යෙෂ්ඨ නීතීඥ ගෝමින් දයාශ්‍රීගෙන් අප විමසීමක් කළා.

[MP3]s59928_4[/MP3]                         

නව ව්‍යවස්ථාවක් පමණක් නොව පවතින ව්‍යවස්ථාවට සංශෝධනයක් එක් කිරීම සඳහා ද ජනමත විචාරණයක් පැවැත්විය හැකි බව ඔහු ප්‍රකාශ කළා. 13 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීම සඳහා ආණ්ඩුවට එම ආදර්ශය පෙන්විය හැකි බවයි ජ්‍යෙෂ්ඨ නීතීඥ ගෝමින් දයාශ්‍රී පවසන්නේ.

[MP3]s59928_5[/MP3]           
 
ශ්‍රී ලංකාව 1948 බ්‍රිතාන්‍යයන්ගෙන් නාමික නිදහස ලබන විට පැවති ව්‍යවස්ථාව වූයේ 1947 සම්මත කරගත් සෝල්බරි ව්‍යවස්ථාවයි. ඉන් අනතුරුව 1972 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණු ආණ්ඩුව පළමු ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගත්තේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් ලෙස රැස්වීමෙන්. පසුව 1978 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අලූත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දුන් අතර එහිදී විධායක ජනාධිපති ධුරය හඳුන්වා දුන්නා. 2000 වර්ෂයේදී එවකට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් එය සම්මත කරගැනීමට හැකියාව ලැබුණේ නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories