රෝස කුසුමෙන් ගිය 52 ක් නාවික හමුදාවට හසුවේ.

Thursday, 30 May 2013 - 7:44

%E0%B6%BB%E0%B7%9D%E0%B7%83+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+52+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%9A.

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ රෝස කුසුම් නමැති බහුදින යාත්‍රාවෙන්,  ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට උත්සාහ දැරූ පුද්ගලයින් 52 දෙනෙකු නාවික හමුදාව විසින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා. හලාවත සිට නාවුක සැතපුම් 18 ක් පමණ ගැඹුරු මුහුදේදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර දෙමළ ජාතිකයන් 45 දෙනෙකු ද ඇතුළත්. මොවුන් අතර කුඩා දරුවන් 20 දෙනෙකු යාත්‍රාවේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සිටි බවයි නාවික හමුදාව කියා සිටියේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් යාපනය, හලාවත, මීගමුව සහ මුලතිව් යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් ගමන්ගත් යාත්‍රාව මෝදර වරායට ගෙන ඒමෙන් අනතුරුව පොලිසිය වෙත භාරදී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories