අල්ලස් ගනිද්දී හෝමාගම දිසා විනිසුරුවරයා අත්අඩංගුවට.

Thursday, 30 May 2013 - 7:54

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ රුපියල් ලක්ෂ 3 ක අල්ලසක් ලබා ගනිද්දී, ඊයේ (29) අල්ලස් චෝදනා මත අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මි ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පැමිණිලිකාර පාර්ශවයට වාසිදායක වන අයුරින් නඩුවක් විභාග කිරීම සඳහා පැමිණිලි පාර්ශවයෙන් මෙම මුදල් අදාළ විනිසුරුවරයා ලබා ගැනීමට උත්සාහ දරා ඇති බවයි. ඒ අනුව අදාළ රුපියල් ලක්ෂ 3 ක මුදල ලබා ගැනීමට උත්සාහ කිරීමේදී ඊයේ හංවැල්ල ප්‍රදේශයේදී හෝමාගම දිසා විනිසුරුවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ. අත්අඩංගුවට පත් සැකකාර දිසා විනිසුරුවරයා අද දිනයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories