මන්ත්‍රී ජයලත් ජයවර්ධනගේ අවසන් කටයුතු ලබන 03 වැනිදා.

Thursday, 30 May 2013 - 19:02

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+03+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F.

අභාවප්‍රාප්ත එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධනයේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජුනි මස 03 වන සඳුඳා පස්වරුවේ සිදුකිරීමට නියමිතයි. සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) අළුයම අභාවප්‍රාප්ත වූ මන්ත්‍රීවරයාගේ දේහය අද රාත්‍රියේ කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරෙනවා. පසුව හෙට (31) උදෑසන ජා-ඇල - වැලිගම්පිටියේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසට රැගෙන යන අතර සඳුඳා උදෑසන දක්වා මහජන ගෞරවය සඳහා දේහය නිවසේ තැන්පත් කෙරෙනු ඇති. වැලිගම්පිටිය කතෝලික දේවස්ථානය වෙත රැගෙන යන ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයාගේ දේහය එහිදී ආගමික වතාවත්වලින් අනතුරුව වැලිගම්පිටිය කතෝලික සුසාන භූමියේදී භූමදානය කිරීමට නියමිතයි.

මියයන විට 59 වන වියේ පසු වූ මන්ත්‍රීවරයා, ප්‍රථම වරට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ 1994 වසරේදීයි. ඒ, ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ජාඇල එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා ලෙස කටයුතු කළ දොස්තර ජයලත් ජයවර්ධන 2001 පාර්ලිමේන්තු මහ මැතිවරණය ජයග්‍රහණය කර 2002 - 2004 එක්සත් ජාතික පක්ෂ රජයේ පුනරුත්ථාපන හා නැවත පදිංචිකිරීම් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළා. පසුව ඔහු එක්සත් ජාතික පක්ෂයේ මීගමුව සංවිධායකවරයා වූ අතර, 2010 වසරේ පැවති මහ මැතිවරණයේදී මනාප 58,302 ක් ලබා ගනිමින් ගම්පහ දිස්ත්‍රික් ලැයිස්තුවේ 04 වැනියා බවට පත්වුණා.

මාධ්‍යයට සමීපව කටයුතු කළ දොස්තර ජයලත් ජයවර්ධන පසුගියදා හිරු ටී.වී. වැඩසටහනකට සිය පවුලේ ඥාතීන් සමගද සම්බන්ධ වුණා. මේ එහි අවස්ථාවක්.
 
[MP3]s59988[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories