බරැක් ඔබාමාට තවත් විෂ සහිත ලිපියක්.

Friday, 31 May 2013 - 8:08

%E0%B6%B6%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%8A+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%82+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාට විෂ සහිත තවත් ලිපියක් ලැබී තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ජනාධිපති ඔබාමා වෙත යොමුකර ඇති මෙම ලිපිය ලූසියානා ප්‍රදේශයෙන් තැපැල් කර ඇති බවයි. ඒ පිළිබඳව මේ වනවිට එරට බුද්ධි අංශ මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මීට පෙර ද මෙවැනි ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබුණා. ඊයේ දිනයේ නිිව්යෝක් නගරාධිපති මයිකල් බ්ලූම්බර්ග්ට රයිසීන් නැමැති විෂ වර්ගයක් අඩංගු නිර්නාමික ලිපි දෙකක් ලැබී තිබුණු බවට මාධ්‍ය වාර්තා කළා. ඇමරිකාව තුළ ආයුධ භාවිතය තහනම් කරන ලෙසට ජනාධිපති බැරැක් ඔබාමා මෙන්ම නිව්යෝක් නගරාධිපති මයිකල් බ්ලූම්බර්ග් ඇතුළු ඔහුගේ සඟයන් නගන හඩත් සමග මෙම තත්ත්වය ඇති වී ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories