මන්ත්‍රී ජයලත්ගේ දේහය දිවයිනට.

Friday, 31 May 2013 - 8:15

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.



අභාවප්‍රාප්ත එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධනයේ දේහය අද අළුයම දිවයිනට ගෙන එනු ලැබුවා. ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ එමිරේට්ස් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් දේහය මෙරටට රැගෙන ආ බවයි. දේහය භාර ගැනීම සඳහා ගුවන්තොටුපලට එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක සහ පවුලේ සාමාජිකයින් පිරිසක් එක්වූ බවයි හිරු වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ. මේ වනවිට දේහය කොළඹ පෞද්ගලික මල් ශාලාවකට රැගෙන ගොස් ඇති බව පවුලේ ඥාතියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

 

සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) අළුයම මන්ත්‍රීවරයා අභාවප්‍රාප්ත වුණා. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජුනි මස 03 වන සඳුඳා පස්වරුවේ සිදුකිරීමට නියමිතයි. අද උදෑසන ජා-ඇල - වැලිගම්පිටියේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසට රැගෙන යන දේහය ලබන සඳුඳා උදෑසන දක්වා මහජන ගෞරවය සඳහා නිවසේ තැන්පත් කෙරෙනු ඇති. ඉන් අනතුරුව, වැලිගම්පිටිය කතෝලික දේවස්ථානය වෙත රැගෙන යන ජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයාගේ දේහය එහිදී ආගමික වතාවත්වලින් අනතුරුව වැලිගම්පිටිය කතෝලික සුසාන භූමියේදී භූමදානය කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories