අභාවප්‍රාප්ත මන්ත්‍රී ජයලත් ජයවර්ධනගේ දේහය ජාඇල නිවසට.

Friday, 31 May 2013 - 18:05

%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%87%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7.

අභාවප්‍රාප්ත එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධනයේ දේහය මේ වනවිට ඔහුගේ ජා-ඇල - වැලිගම්පිටියේ පිහිටි නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා. සිංගප්පූරුවේ සිට අද (31) අළුයම දිවයිනට ගෙන එනු ලැබූ දේහය කොළඹ පෞද්ගලික මල් ශාලාවකට රැගෙන යාමෙන් අනතුරුවයි මෙලෙස ජාඇල නිවස වෙත ගෙන ගොස් ඇත්තේ. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජුනි මස 03 වන සඳුඳා පස්වරුවේ සිදුකිරීමට නියමිතයි. එදින දක්වා දේහය මහජන ගෞරවය සඳහා නිවසේ තැන්පත් කර තබන බවයි පවුලේ ඥාතියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

[JPG]60045_1[/JPG]

[JPG]60045_2[/JPG]

[JPG]60045_3[/JPG]

ඡායාරූප - සරත් ආරියකුමාර - කටාන



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories