උපවාස කළ සබරගමු සරසවි සිසුන් රෝහලේ.

Saturday, 01 June 2013 - 12:48

%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B6%B6%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B7%94+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A.

සබරගමුව සරසවියේ ශිෂ්‍ය එකමුතුව කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ පඹහින්න මංසන්ධිය අසළ අද (01) විරෝධතාවක නිරත වුණා. ඒ සිසුන් 5 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට පාලන අධිකාරිය ගත් තීරණයට විරෝධය පළ කරමින්. ඒ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ශිෂ්‍ය එකමුතුවේ නියෝජිත දිනේෂ් බණ්ඩාර ප්‍රකාශ කළේ තම ශිෂ්‍ය සංගම් නියෝජිතයන් කොළඹ - බදුල්ල මාර්ගය අවහිර වන සේ පඹහින්න මංසන්ධියේ වාඩි වී විරෝධය පළ කරමින් සිටින බවයි.

 

[MP3]s60085_1[/MP3]

 

මේ අතර, විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරත වූ සිසුන් 4 දෙනෙකු මේ වන විට පඹහින්න රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බලංගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා. පඹහින්න මංසන්ධිය අවට පොලිස් නිලධාරීන් රැසක් ද රැදී සිටින බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

 

සබරගමුව විශ්වවිද්‍යාලයේ මතුව ඇති මෙම තත්ත්වය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායකගෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඊයේ කළ විමසීමකදී ඔහු දැක්වූයේ මෙවන් අදහසක්.

 
[MP3]s60085_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories