ප්‍රදේශ රැසකට තද වැසි. - කුකුළේගඟ වාන් දොරටු 2ක් විවෘතයි.

Saturday, 01 June 2013 - 12:53

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.+-+%E0%B6%9A%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%9A%E0%B6%9C%E0%B6%9F+%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94+2%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.

අද (01) පස්වරුවේ දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ යන පළාත්වල වැසි අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස් කියා සිටියේ ඊයේ උදෑසන 8.30 න් ආරම්භ වී අද (01) උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මිලිමීටර 100.9ක් ලෙස කොළඹ කොටුව ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි.

 

[MP3]s60088_1[/MP3]

 

මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් අද (01) විවෘත කෙරුණා. ඒ හේතුවෙන් අගලවත්ත - කලවාන මාර්ගය සහ මෝල්කාව - බුලත්සිංහල මාර්ගය ජලයෙන් යටවී තිබෙනවා. පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත් ලාල්කුමාර.

 

[MP3]s60088_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories