දිස්ත්‍රික්ක 5 කට නායයෑමේ අවදානමක්.

Saturday, 01 June 2013 - 19:03

%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+5+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

ඉදිරි පැය 24 තුළ අඛණ්ඩව වැසි පැවතියහොත් දිස්ත්‍රික්ක 5 ක නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා. කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර එම දිස්ත්‍රික්කයි. මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස එම දිස්ත්‍රික්කවල කඳු ආශ්‍රිතව ජීවත්වන ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයෑම් අධ්‍යයන අංශ ප්‍රධානී ආර්.එම්.එස්. බණ්ඩාර ප්‍රකාශ කළේ.

[MP3]s60104_1[/MP3]

මේ අතර අද (01) පෙරවරුවේ තද වැසි සමග ඇතිවූ සුළං තත්ත්වය හේතුවෙන් මහනුවර පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට නවතා තිබූ වාහන 10 කට පමණ හානි සිදුවී තිබුණා.  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට තද වැසි පැවතියද මේ වනතුරු බරපතල ආපදා තත්ත්වයක් වාර්තාවී නොමැති බවයි.

කෙසේ වෙතත් ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ ඉදිරියේදී ඇතිවිය හැකි  ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණදීමට අවශ්‍ය සැළසුමක් සිය අමාත්‍යාංශය සතුව පවතින බවයි. එවැනි අවස්ථාවක් මතුවුවහොත් කටයුතු කරන ආකාරය පිළිබඳ මේ වනවිටත් අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බවද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා.

[MP3]s60104_2[/MP3]

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දැනට පවතින තද වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපය තුළද බලාපොරොත්තු විය හැකි බවයි. ඉදිරි කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිළි කළ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගූ.   

[MP3]s60104_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories