අදත් තද වැසි. අකුණු ගැනත් අවධානයෙන් සිටින්න.

Sunday, 02 June 2013 - 7:45

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.

අද (02) දිනයේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත ඇතුලූ පළාත් කිහිපයක වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අකුණු අනතුරු පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගූ ප්‍රකාශ කළේ.

[MP3]s60116[/MP3]
 
අඛණ්ඩව වැසි පැවතියහොත් දිස්ත්‍රික්ක 5 ක නායයෑම් අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඊයේ ප්‍රකාශ කළා. කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර එම දිස්ත්‍රික්කයි. මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස එම දිස්ත්‍රික්කවල කඳු ආශ්‍රිතව ජීවත්වන ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයෑම් අධ්‍යයන අංශ ප්‍රධානී ආර්.එම්.එස්. බණ්ඩාර සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories