කළු ගඟේ ඔරුවක් පෙරලී එකම පවුලේ තුන් දෙනෙකු අතුරුදන්.

Sunday, 02 June 2013 - 12:55

%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%9C%E0%B6%9F%E0%B7%9A+%E0%B6%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%93+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A.

රත්නපුර - මීහිටිය ගම ප්‍රදේශයේදී කළුගගෙන් එතෙර වීමට පැමිණි පුද්ගලයින් පිරිසක් ගමන්ගත් ඔරුවක් පෙරලීමෙන් එකම පවුලේ පියා, පුතා සහ දුව දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අද (02) උදෑසන 9 ට පමණ සිදුවූ මෙම සිද්ධියෙන් දියේ ගිලී අතුරුදන්ව ඇති පියාගේ වයස අවුරුදු 42 ක් වන බවයි.  පුතාගේ වයස අවුරුදු 19 ක් වන අතර දියණියගේ වයස අවුරුදු 14 ක්. ඔරුව පෙරලෙන අවස්ථාවේදී එහි ඔරු පැදිකරු සමඟ පුද්ගලයින් 10 දෙනෙකු ගමන් කර තිබෙනවා. මොවුන්, එගොඩමල්වත්ත ප්‍රදේශයේ අවමංගල්‍යය උත්සවයකට සහභාගි වී නැවත පැමිණෙමින් සිටියදී පෙරලී ඇති අතර, ඔවුන්ගෙන් 7 දෙනෙකු බේරා ගත් බවයි රත්නපුර පොලිසිය සඳහන් කළේ. මෙම පිරිස මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන්. පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම්, නාවික හමුදා කිමිඳුම් කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූවන්, සෙවීමේ කටයුතු ක්‍රියාත්මකයි.

මේ අතර, අයහපත් කාලගුණය හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ ගොස් පහත් බිම් කිහිපයක් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ මේ නිසා, රත්නපුර - කලවැල්ලාව ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවිය හැකි බවයි.

මීට අමතරව, අධික වර්ෂාව හේතුවෙන් කිරිඇල්ල, අයගම, ගලතුර මාර්ගයේ එකේ කණුවේ සිට 3 කණුව දක්වා ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් තවදුරටත් වාහන ගමනාගමනය අඩාල වී ඇති බව කිරිඇල්ල පොලිසිය සඳහන් කළා. එමෙන්ම, ගමනාගමනය අඩාලව පැවති නාගොඩ - කරුපනාව හරහා - උඩගම ප්‍රදේශයේ ගමන්ගන්නා මාර්ගය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බවයි නාගොඩ පොලිසිය ප්‍රකාශ කළේ.

පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල.

[MP3]s60136[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories