ත්‍රිකුණාමල නගර සභාවේ ඇමෙරිකානු ගිවිසුම අත්හිටුවයි.

Sunday, 02 June 2013 - 13:03

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92.


ඇමරිකානු තොරතුරු මධ්‍යස්ථානයක් ත්‍රිකුණාමලයේ ස්ථාපිත කිරීම සඳහා ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ දෙමළ ජාතික සන්ධානයට බලය හිමි ත්‍රිකුණාමල නගර සභාව අත්සන් කළ ගිවිසුම තාවකාලිකව අත්හිටුවූ බව නැගෙනහිර පළාත් සභාව ප්‍රකාශ කළා. එහි ප්‍රධාන ලේකම්, සරත් අභයගුණවර්ධන කියා සිටියේ පළාත් ආණ්ඩුකාරවරයා සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කළ දැනුම්දීමකට අනුව මෙම තීරණය ගත් බවයි.

[MP3]s60138[/MP3]

මෙම ගිවිසුම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ද විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණා. මෙරට පළාත් පාලන ආයතනයක් විදෙස් රටක් සමඟ ගිවිසුමක් අත්සන් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පළාත් පාලන අමාත්‍යාංශය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කළ යුතුයි. එහෙත්, එවැනි දැනුම්දීමක් දෙමළ ජාතික සන්ධානයේ පාලනය යටතේ පවතින ත්‍රිකුණාමල නගර සභාව හෝ ඇමරිකානු තානාපති කාර්යාලය සිදුකර නොතිබූ බවයි එහි ලේකම් කරුණාතිලක අමුණුගම සඳහන් කළේ. පොත්, අන්තර්ජාලය, චිත්‍රපට, වැඩමුළු හා ප්‍රදර්ශන මගින් ඇමරිකාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා යොදා ගැනෙන ඇමරිකන් කෝනර් නමැති මධ්‍යස්ථාන මේ වනවිට මහනුවර සහ යාපනයේ ස්ථාපිත කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories