ඝාතනයකට සූදානම් වූ සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට.

Sunday, 02 June 2013 - 19:05

%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.



මිනුවන්ගොඩ - එල්ලංගල ප්‍රදේශයේදී පොලීසිය එල්ල කළ වෙඩි පහරකින් පුද්ගලයෙකු අද (02) ජීවිතක්ෂයට පත්වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ප්‍රදේශයේ නිවසක කාන්තාවක් ඝාතනය කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකුට පොලීසිය මෙලෙස වෙඩි තබා ඇති බවයි. සැකකරු, 63 හැවිරිදි මෙම කාන්තාවට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමට සූදානම් වන බවට ප්‍රදේශවාසියෙකු පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත දැනුම්දී තිබෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මෙසේ මියගොස් ඇත්තේ එල්ලංගල ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි එක් දරු පියෙකු බව සඳහන්. සිද්ධිය වන අවස්ථාවේදී එම ස්ථානයේ සිටි ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට මෙසේ අදහස් දක්වා සිටියා.

 
[MP3]s60163[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories