බන්ධනාගාර බුද්ධි අංශය ශක්තිමත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක්.

Monday, 03 June 2013 - 9:18

%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.

මෙරට බන්ධනාගාර තුළ සිදුවන සියලූම ජාවාරම් වැළැක්වීම සඳහා බන්ධනාගාර බුද්ධි අංශය ශක්තිමත් කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසනවා. දිගින් දිගටම බන්ධනාගාර තුළින් වාර්තාවන ජාවාරම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි එම අමාත්‍යාංශය පවසන්නේ. පසුගිය සති කිහිපය තුළ වැලිකඩ, බෝගම්බර හා කොළඹ මැගසින් බන්ධනාගාරවල සිදුකළ වැටලීම්වලදී මත්කුඩු, ජංගම දුරකථන හා සිම් කාඞ්පත් රැසක් සොයා ගැනීමට හැකියාව ලැබුණා. ඒ ඔස්සේ සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ විවිධාකාරයේ ජාවාරම් රැසක් බන්ධනාගාර තුළ සිදුවන බවයි. විශේෂයෙන් මෙම ජාවාරම්වලට ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ගේ සම්බන්ධයක් පවතින බවට ද තොරතුරු අනාවරණය වී ඇති බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories