ගව ඝාතනයට එරෙහිව කොළඹ උපවාසයක් ?

Monday, 03 June 2013 - 13:05

%E0%B6%9C%E0%B7%80+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%3F

ගව ඝාතනයට එරෙහිව පිටකොටුව බෝධිය අසල සත්‍යග්‍රහයක් සහ උපවාසයක් පැවැත්වීමට සිංහල රාවය සංවිධානය සූදානම් වනවා. මෙහි අරමුණ වී ඇත්තේ ගව ඝාතනය නතර කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු කිරීම බවයි එම සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

[MP3]s60199_1[/MP3]           

ගව ඝාතනය සම්බන්ධයෙන් සමාජය තුළ යළිත් වරක් කථාබහට ලක්වූයේ භික්ෂුන් වහන්සේ නමක්, මහනුවර දළඳා මාලිගාව ඉදිරිපිට සිය සිරුරට ගිනි තබාගෙන අපවත්වීමත් සමඟයි. මෙම සිද්ධියෙන් පසුව, මෙරට සිවිල් සංවිධාන ගව ඝාතනය නතර කළ යුතු බවට රජයට බලපෑම් එල්ල කළා.

කෙසේ වෙතත් පසුගියදා හම්බන්තොට  - රන්න - බටඅත ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වූ ආපදා කලමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ ගව මස් ආහාරයට ගැනීම නැවැත්විය හැක්කේ නීති මගින් නොව දැනුවත් කිරීමෙන් පමණක් බවයි.

[MP3]s60199_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories