පළමු අධි සුඛෝපභෝගි දුම්රිය ධාවනයට.

Monday, 03 June 2013 - 13:36

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B6%9B%E0%B7%9D%E0%B6%B4%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7.

ඉන්ධන මිල ඉහළ දැමුව ද, බස් ගාස්තු ඉහළ නොදමන බව, ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම ප්‍රකාශ කළා. අමාත්‍යවරයා කියා සිටියේ දුම්රිය ගාස්තුවේ ද වෙනසක් කිරීමට රජය අපේක්ෂා නොකරන බවයි.

[MP3]s60206_1[/MP3]                                                            

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වායු සමනය කරන ලද නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ධාවනයට එක්කිරීමේ අවස්ථාවට මහනුවරදී අද එක්වෙමින්. මහනුවර දුම්රිය ස්ථානයෙන් අද අලූයම ගමන් ඇරඹි එය පෙරවරු 8.42 ට කොළඹ - කොටුව දුම්රිය ස්ථානය වෙත ළඟා වුණා. මෙම දුම්රිය සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල පස්වරු 5.20 ට කොළඹින් පිටත්වන අතර, සෙනසුරාදා, ඉරිදා සහ සඳුදා දිනවලදී උදෑසන 5.50 ට එය මහනුවර දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා පිටත්වනු ඇති. මෙම අධි සුඛෝපභෝගි දුම්රියේ කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ගමන් කිරීමේදී අය කරන ගාස්තුව රුපියල් 500 ක්.

අද මෙම දුම්රිය ධාවනයට එක්කිරීමේ අවස්ථාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම සඳහන් කළේ මෙවැනි අධි සුඛෝපභෝගි දුම්රිය වෙනත් මාර්ගවල ද ධාවනයට එක්කිරීමට ඉදිරියේදී අපේක්ෂා කරන බවයි.

[MP3]s60206_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories