මාධ්‍ය සදාචාර කෙටුම්පත දේශපාලන පක්ෂවලට.

Monday, 03 June 2013 - 19:18

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%AF%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%80%E0%B6%BD%E0%B6%A7.

මාධ්‍ය සදාචාරය පිළිබද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දේශපාලන පක්ෂවල අදහස් ලබා ගන්නා බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා. ඔහු කියා සිටියේ මෙම කෙටුම්පතේ පිටපත් දැනටමත් දේශපාලන පක්ෂ වෙත ලබාදී ඇති බවයි. මාධ්‍ය සදාචාරය පිළිබද පනත් කෙටුම්පත ජනමාධ්‍ය අමාත්‍යාංශය පිළිබද උපදේශන කාරක සභාව හමුවේ සාකච්ඡා වෙමින් පැවති බව ද අමාත්‍යවරයා සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් පක්ෂ ලබාදෙන නිර්දේශ ද ඇතුළත් කොට අදාළ පනත් කෙටුම්පත ලබන සැප්තැම්බරයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ඔහු කියා සිටියේ.

[MP3]s60233_1[/MP3]                                                                            

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් විමසීමක් කළා. එහි කැදවුම්කරු සුනිල් ජයසේකර සඳහන් කළේ මෙවැනි පනත් කෙටුම්පතක් මාධ්‍ය ප්‍රජාවගේ අදහස් නොගෙන රජය ඉදිරිපත් කරන්නේ නම් ඊට විරෝධය පළ කරන බවයි.

[MP3]s60233_2[/MP3]                                                                                    

කොළඹ ශ්‍රීපාලි මණ්ඩපයේ පීඨාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහ කියා සිටියේ සමාජයේ ප්‍රශ්න පිළිබද සැබෑ මතය ජනතාව අතරට යාම සීමා නොකරන නියාමනයක් මේ හරහා සිදුකළ යුතු බවයි.

[MP3]s60233_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories