යළිත් පෙට්‍රල් හිඟයක් ඇති වන ලකුණු. - තෙල් නැවක් ළඟ එනවා. - සංස්ථාව.

Tuesday, 04 June 2013 - 7:40

%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.+-+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%85%E0%B6%9F+%E0%B6%91%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80.

ඉදිරි දින කිහිපය තුළ මෙරට වෙළදපොළේ පෙට්‍රල් හිඟයක් ඇතිවිය හැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග පවසනවා. මුතුරාජවෙල තොග තෙල් ගබඩාවේ දැනට නැව් මගින් මෙරටට ගෙන්වන ලද පිරිපහදු තෙල් මෙටි‍්‍රක් ටොන් 6000ක් ඉතිරිව ඇති බවටයි වාර්තා වන්නේ. මෙරට දෛනික පෙට්‍රල් අවශ්‍යතාවය වන්නේ මෙටි‍්‍රක් ටොන් 1500ක්. ඒ අනුව මෙම මෙටි‍්‍රක් ටොන් 6000 දින 4කට පමණක් ප්‍රමාණවත් බවට හිරු ප්‍රවෘත්ති අංශය වෙත වාර්තා වුණා. මෙම ගැටළුව ඇතිවීමට බලපා ඇති ප්‍රධානතම කරුණ වන්නේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් මෙතෙක් පිරිපහදු තෙල් වෙළදපොළට නිකුත් කිරීමට අපොහොසත්වීමයි.

 

බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය 16 වන දා වසා දැමුණු අතර, එය යලි විවෘත කළේ පසුගිය 28 වැනිදායි. ඒ,  ඕමානයෙන් බොරතෙල් නැවක් පැමිණීමෙන් අනතුරුවයි. කෙසේ වෙතත්, එම බොරතෙල්වලින් මේ වන විට නියමිත ඔක්ටේන් 90 සහ 95 පෙට්‍රල් නිෂ්පාදනය කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇත්තේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ යන්ත්‍රගාරයේ පවතින ගැටළුවක් නිසා බව සඳහන්. මෙම තත්ත්වය මත කොළොන්නාව තොග තෙල් ගබඩාවේ ද මේ වන විට පිරිපහදු තෙල් හිඟයක් පවතින බවයි හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණේ.

 
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත ද සිල්වාගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ කිසිලෙසකත් ඉදිරි දින කිහිපය තුළ වෙළදපොළේ පෙට්‍රල් හිඟයක් ඇති නොවන බවයි. පිරිපහදු කළ පෙට්‍රල් මෙටි‍්‍රක් ටොන් 30,000ක් රැගත් නැවක් ලබන 6 වන දා වන විට මෙරටට පැමිණීමට නියමිත බව ද ඔහු සදහන් කළා. එබැවින් අනියත බියක් ඇති කර නොගත යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories