හමුදා සෙබලූන් බව කියා ඉපැරනි සඳකඩ පහනක් පැහැර ගැනේ.

Tuesday, 04 June 2013 - 12:30

%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%89%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%B1%E0%B7%92+%E0%B7%83%E0%B6%B3%E0%B6%9A%E0%B6%A9+%E0%B6%B4%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A.

කැබිතිගොල්ලෑව - සෙනරත්හල්මිල්ලෑව පුරාණ රජමහා විහාරස්ථානයේ තිබූ ඉපැරණි පුන් සඳකඩ පහනක් අද (04) අලූයම කිසියම් පිරිසක් විසින් රැගෙන ගොස් තිබෙනවා. එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දුටුවැවේ ජිනානන්ද හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ වැලිඔය යුද හමුදා කඳවුරේ නිලධාරීන් යැයි පවසමින් පුද්ගලයන් සිව් දෙනෙකු අද අලූයම තම විහාරස්ථානයට පැමිණි බවයි. ඔවුන් විසින් විහාරස්ථානයේ ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනාගේ අත් පිටුපසට කර බැද කටට ප්ලාස්ටර් අලවා මෙම කළුගලෙන් නිම කරන ලද පුන් සඳකඩ පහන රැගෙන ගොස් ඇති බව උන්වහන්සේ සදහන් කළා.

 

[MP3]s60266[/MP3]                                                   

 

මේ සම්බන්ධයෙන් විහාරාධිපති පූජ්‍ය දුටුවැවේ ජිනානන්ද හිමියන් කැබිතිගොල්ලෑව පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කැබැතිගොල්ලෑව පොලීසියෙන් මේ පිළිබද කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ සඳකඩ පහන පැහැරගෙන යාම පිළිබද පැමිණිල්ලක් ලැබී ඇති අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

 
ඉපැරණි වටිනාකමකින් යුත් මෙම පුන් සඳකඩ පහන රැගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අප උතුරුමැද පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ චිත්‍රානි මල්කාන්තිගෙන් ද විමසීමක් කළා. ඇය කියා සිටියේ මෙම විහාරස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් විහාරස්ථානයක් බවට ගැසට් කර නොතිබුණත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories