උතුරේ අවතැන්වූවන්ගේ ජන්ද අයිතිය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායකට.

Tuesday, 04 June 2013 - 12:34

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7.

උතුරේ අවතැන් වූ පුද්ගලයන් යළි ලියාපදිංචි කර ඔවුන්ට ජන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති විශේෂ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල ද නැද්ද යන්න පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායකවරයා වෙත යොමු කර තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අදාළ පනත් කෙටුම්පත පිළිබද අධිකරණයේ  මතය විමසීම සඳහා පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් සිදුකළ විභාගයකින් අනතුරුවයි අධිකරණයේ මතය කථානායකවරයා වෙත යොමු කර ඇත්තේ. 2009 මැයි මස 18 වන දා අවසන් වූ යුද්ධයට පෙර මෙම ජනතාව අවතැන් වී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් පෙත්සමේ සදහන් වනවා.

 
මේ අතර, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධනගේ අභාවයෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුන සදහා තේරී පත්වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අජිත් මානප්පෙරුම අද (04) කථානායකවරයා ඉදිරියේ අද දිවුරුම් දීමට නියමිතයි. අද (04) පස්වරුවේ පාර්ලිමේන්තුව ආරම්භක අවස්ථාවේදී මොහු සිය මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය 2010 වසරේ පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කළ මොහු ජන්ද 44,821ක් ලබා ගනිමින් මනාප ලැයිස්තුවේ 6 වන තැනට පත්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories