අධිකරණයට භාර වූ ඇඹිලිපිටියේ සභාපති රිමාන්ඞ්.

Tuesday, 04 June 2013 - 12:36

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%96+%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A.

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී දින 7කට වැඩි කාලයක් පොලීසිය මඟ හරමින් සිටි ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ. අමිල අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව මේ මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකරු අද (04) පෙරවරුවේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වූයේ ජනාධිපති නීතිඥ රසීක් ෆාරුක්ගේ මාර්ගයෙන්. ඇඹිලිපිටිය - දඩුහැතැක්ම ප්‍රදේශයේ රාජකාරි කටයුතුවල නිරතවී සිටි පනාමුරේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන මෙම පොලිස් නිලධාරින් දෙදෙනාට  මොහු ඇතුළු තවත් පුද්ගලයින් දෙදෙනෙකු පහරදීම සිදුකර තිබුණේ පසුගිය 27 වැනිදායි.

 

කෙසේ වෙතත්, පොලිස් නිලධාරීන්ට දේශපාලනඥයින් පහරදීමේ සිද්ධි සහ ජනතාවට පොලිසියෙන් සිදුවන හිරිහැර පිළිබද ලැබෙන වාර්තා දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීම කෙබදුද යන්න පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය එහි කොමසාරිස්වරයෙකු වන ආචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවාගෙන් විමසීමක් කළා.

 
[MP3]s60270[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories