හෘදයාබාධයකින් මියගිය අයෙක් නිව්මෝනියාවෙන්ද මිය යයි.

Tuesday, 04 June 2013 - 18:18

%E0%B7%84%E0%B7%98%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%B8%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

මියගිය පුද්ගලයෙකුට හදිසි මරණ පරික්ෂණ දෙකක් පවත්වා මරණ පරීක්ෂණ වාර්තා දෙකක් ලබා දීමට වගකිවයුත්තන් කටයුතු කිරීම නිසා ඔවුන්ගේ ඥාතීන් දැඩි අපහසුතාවයකට පත්වූ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට අද වාර්තාවුණා. ඒ, කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයෙන්.

2012 වසරේ ජූලි 25 වැනිදා පුත්තලම - මුන්දලම ප්‍රදේශයේදී හදිසි අනතුරකට මුහුණ දෙන මල්කඩුවාවේ පදිංචි 24 හැවිරිදි ඔනිල් ශමින්ද්‍ර ගුණතිලක පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණා. 2012 වසරේ අගෝස්තු 31 වැනිදා දක්වා එහි ප්‍රතිකාර ලබන ඔහු අනතුරුව ඇතුළත් කෙරෙන්නේ කුරුණෑගල ශික්ෂණ රෝහලටයි. දිගු කලක් එහි ප්‍රතිකාර ලබමින් සිටි ශමින්ද්‍ර පසුගිය ජුනි 1 වැනිදා ජීවිතක්ෂයට පත්වුණා. අනතුරුව සිදු කෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයට අනුව එහි වාර්තාවේ සඳහන් වුණේ හෘදයාබාධයක් හේතුවෙන් රෝගියා මියගිය බවයි. අනතුරුව ඥාතීන් දේහය මල්කඩුවාවේ නිවසට රැගෙන ආවා.

එහෙත් හදිසියේ ඊයේ රාත්‍රියේ නිවසට පැමිණි පුත්තලම - මුන්දලම පොලීසිය සහ කුරුණෑගල නාගරික හදිසි මරණ පරික්ෂකවරයා ප්‍රකාශ කරන්නේ අනතුරකට මුහුණ දී ශමින්ද්‍ර මියයෑම නිසා අධිකරණ නියෝග මත යළි මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

ඒ අනුව දේහය යළි කුරුණෑගල ශික්ෂණ රෝහලට ගෙනගොස් දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සිදුකර ඇති අතර එහි වාර්තාවේ සඳහන් වන්නේ අනතුරකට මුහුණදීම සහ  නිව්මෝනියා රෝග තත්ත්වයෙන් ඔහු මියගිය බවයි. මෙම තත්ත්වය නිසා තමන් පත්වූ අපහසුතාවය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වන මියගිය ශමින්ද්‍ර ගුණතිලකගේ නැගණිය වන දුලානි ගුණතිලක.

[MP3]s60295_1[/MP3]               

මියගිය පුද්ගලයාගේ වැඩිමහල් සොහොයුරු එරන්ද මංජුලද හිරු ප්‍රවෘත්ති අංශයට සිද්ධිය පැහැදිළි කළා.

[MP3]s60295_2[/MP3]                          

අප මේ පිළිබඳව කුරුණෑගල නාගරික හදිසි මරණ පරික්ෂක ආර්.යූ.බී.කේ. අමරසිංහගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ අධිකරණ නියෝගයක් මත යළි හදිසි මරණ පරීක්ෂණයක් සිදුකිරීමට තමන්ට සිදුවූ බවයි. ඉන් අනතුරුව දේහය මුද්‍රා තබා ඥාතීන්ට භාරදුන් බවද ඔහු තහවුරු කළා.

හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳව මුන්දලම පොලීසියෙන්ද විමසීමක් කළ අතර එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ 2012 වසරේ සිදුවූ මෙම රිය අනතුර සම්බන්ධයෙන් තවමත් අධිකරණයේ නඩුවක් විභාග වන බවයි. ඊට අදාළව කරුණු ඉදිරිපත් කළ යුතු බැවින් මරණ පරීක්ෂණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලබාගත් බව එම ප්‍රකාශකයා සඳහන් කළා. කුරුණෑගල ශික්ෂණ රෝහලේදී පළමු මරණ පරීක්ෂණය සිදුකර තිබුණේ මෙම මරණය සාමාන්‍ය මරණයක් ලෙස සළකමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories