නවසීලන්ත විදේශ ඇමති සහ ඉන්දීය නියෝජිත පිරිසක් දිවයිනට.

Wednesday, 05 June 2013 - 8:01

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.


නවසීලන්ත විදේශ අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිසක් සහ ඉන්දීය භාරතීය ජනතා පක්ෂ නියෝජිත පිරිසක් ඊයේ (04) රාත්‍රියේ දිවයිනට පැමිණියා. හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ නවසීලන්ත විදේශ අමාත්‍ය මරේ මැකලි ඇතුළු නවසීලන්ත නියෝජිතයන් 6 දෙනෙකු සහ ඉන්දීය රාජ්‍ය සභාවේ විපක්ෂ නායක ඇතුළු භාරතීය ජනතා පක්ෂ නියෝජිතයන් 6 දෙනෙකු ඊයේ (04) රාත්‍රී 10.25ට පමණ දිවයිනට පැමිණි බවයි.

 

නොවැම්බර් මාසයේ දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව, සංහිඳියාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය මෙන්ම මෙරට අලෙවි වන නවසීලන්ත නිෂ්පාදන පිළිබදව ද නවසීලන්ත විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේ දී සාකච්ඡා කිරීමට නියමිත බව සදහන්. ඉන්දීය රාජ්‍ය සභාවේ නියෝජ්‍ය නායක රවි ශංකර් ප්‍රසාද් ඇතුළු භාරතීය ජනතා පක්ෂ නියෝජිතයන් 6 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ද මෙලෙස පැමිණියා.  

 
ඉන්දීය නියෝජිත පිරිස මෙම සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම්වරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ නිළධාරීන් රැසක් හමුවන අතර, උතුරේ සංචාරයක  නිරතවිමට ද නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories