13 සංශෝධනය ගැන,හෙළ උරුමය සහ ජානිපෙ සාකච්ඡාවක.

Wednesday, 05 June 2013 - 12:49

13+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A.

ආණ්ඩුව, හෙට (06) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් වන පළාත් සභා බලතල සංශෝධනය කිරීමට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාතික හෙළ උරුමය විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී තීරණය වුණේ මෙම පනත් කෙටුම්පත හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමටයි. මෙහිදී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අයත් වගන්ති දෙකක් සංශෝධනය කිරීමට ද පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා. ඒ අනුව, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට කිසියම් සංශෝධනයක් ඉදිරිපත් කිරීමේදී ‘‘සියලූම’’ පළාත්සභාවල අනුමැතිය ඒ සඳහා අවශ්‍යය යන වගන්තිය ‘‘බහුතරයක්’’ පළාත් සභාවල අනුමැතිය ඇතිව සිදුකළ හැකිය යනුවෙන් සංශෝධනය කිරීමට තීරණය වුණා.

 

එමෙන්ම, පළාත් සභා දෙකක් හෝ 3 ක් ඒකාබද්ධ කර තනි පළාත් සභාවක් පිහිටුවීමට අදාළ වගන්තිය 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට ද මෙහිදී පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා. මෙහිදී, පළාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල ලබාදෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡාවී ඇතත්, ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නැහැ. ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ තුළ විවිධ මත පවතින නිසා, ඒ පිළිබඳව අධිකරණයෙන් උපදෙස් ලබා ගන්නා බවයි.

 

එමෙන්ම, එම යෝජනාව ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ඉදිරිපත් කර ඇති තේරීම්කාරක සභාවට ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. උතුරේ පළාත් සභා මැතිවරණය සැප්තැම්බර් මාසයේදී නියමිත පරිදි පවත්වන බව ද ඊයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා යළි අවධාරණය කළා. උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, වෙනස් කළ යුතු බවට ආණ්ඩුවේම හවුල්කාර පක්ෂ දෙකක් වන ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ ප්‍රකාශ කළා.

 

ඊයේ පැවති රැස්වීමට එම පක්ෂ දෙකේ නායකයින් වන විමල් වීරවංශ සහ පාඨලී චම්පික රණවක ද සහභාගි වී තිබෙනවා. ජාතික හෙළ උරුමය 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීමේ පනත් කෙටුම්පතක් දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවසන්. කෙසේ වෙතත් අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව, ඊයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව ජාතික හෙළ උරුමයේ මතය ඉදිරිපත් කරන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සඳහන් කළේ.

 

[MP3]s60346[/MP3]

 
ජාතික නිදහස් පෙරමුණ ද අද දහවල් මේ සම්බන්ධයෙන් තම පක්ෂයේ මතය දැනුම්දීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories