ඩෙංගු වැඩිම කොළඹ. - එයින් 70% ක් ශිෂ්‍යයන්.

Wednesday, 05 June 2013 - 12:51

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9.+-+%E0%B6%91%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+70%25+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A.

ඩෙංගු වැලදී සිට වැටීමකින් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ශිෂ්‍යාවක් අද (05) අලූයම ජීවිතක්ෂයට පත්වුණා. ඇය කෑගල්ල - දෙබත්ගම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සිසුවියක්. කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ ඩෙංගු රෝගය වැලදුණු මෙම ශිෂ්‍යාව නේවාසිකාගාරයේ දී ඇද වැටීමෙන් පසු රෝහල්ගත කර ඇති බවයි. අනතුරුව ඇය ශල්‍යකර්මයකට ද භාජනය කර තිබෙනවා. එහෙත් අද අලූයම මෙම සිසුවිය මිය ගිය බවයි එම ප්‍රකාශකයා කියා සිටියේ.

 

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය, කළමනාකරණ පීඨය සහ ශාස්ත්‍ර පීඨයේ දේශන සහ විභාග ඊයේ සිට අවලංගු කෙරුණේ ද ඩෙංගු ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන්. මියගිය ශිෂ්‍යාව කොළඹ විශ්වවිද්‍යාලයේ හැව්ලොක් නේවාසිකාගාරයේ රැදී සිටි ශිෂ්‍යාවක්. මීට පෙර, කොළඹ නගරයේ පාසල් 12 ක පමණ ඩෙංගු අවදානම් ඇති බව කොළඹ නගර සභාවේ සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර තිබුණා.

 

මේ අතර, සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ දිවයින පුරා ඩෙංගු වැළඳුනු රෝගීන්ගෙන් හතරෙන් එකක් කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත් වන බවයි. ඉන් තුනෙන් එකක් කොළඹ නගර සීමාව තුළ ජීවත් වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපලේකම් සී.එස්.මුතුකුඩ ප්‍රකාශ කළා.

 

[MP3]s60347_1[/MP3]

 

ඒ අනුව, මෙම තත්ත්වය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි ප්‍රදීප් කාරියවසම්ගෙන් විමසීමක් කළා.

[MP3]s60347_2[/MP3]             



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories