පසුගිය මස පැවති මහ මැතිවරණයෙන් පාකිස්ථානයේ අග්රාමාත්ය ධුරය සඳහා තුන්වෙනි වතාවට තේරී පත්වූ නවාස් ෂරිෆ්ට අද එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා. මීට 13 වසරකට පෙර ඔහු අග්රාමාත්ය ධුරයෙන් පහකරනු ලැබුවේ හමුදා කුමන්ත්රණයකින්. පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවීමෙන් පසු නවාස් ෂරීෆ් ජනාධිපති අසීෆ් අලි සර්දාරි ඉදිරියේ අද පස්වරුවේ දිවුරුම් දීමට නියමිතයි. නවාස් ෂරිෆ්ගේ මුස්ලිම් ලීගයට පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමිවුණා.
Follow US
Most Viewed Stories