ඇඹිලිපිටිය උප සභාපති අතුරුදන්.

Thursday, 06 June 2013 - 12:44

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%8B%E0%B6%B4+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A.


 

වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති මුණසිංහ ආරච්චිගේ චන්ද්‍රසිරි මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ එන්.ඞී.කේ. වැව ප්‍රදේශයට අනවසරයෙන් ගවයින් ඇතුලූකිරීමේ චෝදනාව යටතේ උප සභාපතිවරයා ඇතුලූ පස්දෙනෙකුට දෙහිඅත්තකණ්ඩිය උසාවිය හමුවේ නඩු පවරා තිබුණා. ඔහු ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනුයි මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ. පසුගිය 28 වැනිදා මාදුරුඔය වනෝද්‍යානය තුළට නීතිවිරෝධී ලෙස ගවයින් ඇතුලූකිරීමට උත්සාහ කළ අවස්ථාවේදී වනජීවී නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. පසුව මොවුන්ට ඇප ලබාදුන් අතර ඊයේ (05) යළිත් වරක් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර එහෙත් සැකකරු අධිකරණය හමුවේ පෙනී සිට නැහැ.

 
මේ අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ. අමිලටද මීට පෙර චෝදනා එල්ලවුණා. ඔහු එම පහරදීම සිදුකර දින 7 කට අධික කාලයක් පොලීසිය මගහරිමින් සිට පසුව පසුගිය අඟහරුවාදා අධිකරණයට භාරවුණා. එහිදී ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු මේ මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories