දහ තුනෙන් ඉඩම් සහ පොලිස් බලතලත් ඉවත් කළ යුතුයි. - සංඝ සම්මේලනය.

Thursday, 06 June 2013 - 12:47

%E0%B6%AF%E0%B7%84+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%AD%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+++++%E0%B7%83%E0%B6%82%E0%B6%9D+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%9A%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA.

ඉඩම් සහ පොලිස් බලතල අහෝසි කිරීමකින් තොරව උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කළහොත් එය වැළැක්වීමට පියවර ගන්නා බව ජාතික සංඝ සම්මේලනය අවධාරණය කළා. කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි ලේකම් පූජ්‍ය දොඹගොඩ සාරානන්ද හිමියන් ප්‍රකාශ කළේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති දෙකක් ඉවත් කිරීමට ආණ්ඩුව ගත් තීරණයට සිය ප්‍රසාදය පළකරන බවයි. එහෙත් උතුරු පළාත් සභා මැතිවරණය පැවත්විය යුත්තේ ඉඩම් සහ පොලිස් බලතල අහෝසි කිරීමෙන් අනතුරුව බවයි උන්වහන්සේ මෙහිදී පෙන්වා දුන්නේ.

[MP3]s60417_1[/MP3]

ඉඩම් සහ පොලිස් බලතල සහිතව උතුරේ ඡුන්දය එපා යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ ආරම්භ කළ මහජන පෙත්සමකට අත්සන් ගැනීමේ ව්‍යාපාරයේ සිව්වන දිනය අදයි. අද දිනයේ මෙම මහජන පෙත්සම අත්සන් කිරීම ආරම්භ කෙරුනේ මහනුවර නගරයෙන්. ඊට මධ්‍යම පළාත් සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී අනුර ප්‍රනාන්දු සහ එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් විජේසිරි අත්සන් තැබූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ. පෙත්සමට අත්සන් තැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් විජේසිරි.

[MP3]s60417_2[/MP3]             



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories