පාසල්වලට ඩෙංගු මර්දන කාල පරිච්ඡේදයක්.

Thursday, 06 June 2013 - 12:50

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

සෑම පාසලකම සතියකට නිශ්චිත කාල පරිච්ඡේදයක් ඩෙංගු රෝග මර්දනය සම්බන්ධයෙන් වෙන් කිරීමට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟතාවයකට පැමිණ තිබෙනවා. අද පෙරවරුවේ  සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක හා අධ්‍යාපන අමාත්‍ය ලේකම් ගෝඨාභය ජයරත්න අතර පාසල් ළමයින් අතර ඩෙංගු රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා ගතයුතු පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. මෙහිදී අදාළ තීරණයට එළඹුණු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

 

මේ වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 13 000 ක් පමණ වාර්තාවී තිබෙනවා. මෙම ඩෙංගු රෝගීන්ගෙන් වැඩි පිරිසක් පාසල් යන වයසේ ළමයින් වීම විශේෂ තත්ත්වයක් බවයි වසංගත රෝග විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. දිවයින පුරා පාසල් අවට පවතින ඩෙංගු රෝගය බෝවීමට හිතකර පරිසරය මෙම තත්ත්වයට හේතු සාධක වී ඇති බව ඔවුන්ගේ අදහසයි. මේ හේතුවෙන් පාසල් යන වයසේ ළමයින්ට ඩෙංගු රෝගය වැළඳීම වැලැක්වීම පිළිබඳව විශේෂ අවධානයක් යොමුකිරීමට සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

 

ඩෙංගු රෝගය අධි වසංගත තත්ත්වයක් බවට වර්ධනය වෙමින් පවතින අවස්ථාවේ ඒ පිළිබඳ සංඛ්‍යා දත්ත සැඟවීමට සෞඛ්‍ය බලධාරීන් උත්සාහ කරන බවට සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කරනවා. සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය කියා සිටියේ රෝගීන්ගේ දත්ත අන්තර්ජාලයට එක්කිරීම පවා මේ වනවිට නවතා දමා ඇති බවයි.

[MP3]s60418_1[/MP3]
 
මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්ද විමසීමක් කළා. එහිදී වසංගත රෝග විද්‍යා ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ ඩෙංගු මරණ සම්බන්ධයෙන් පමණක් තොරතුරු අන්තර්ජාලයට එක්කිරීම මේ වනවිට තාවකාලිකව අත්හිටවා ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories