හකීම්, වාසු හා ඩග්ලස් කැබිනට් මණ්ඩලයෙන් කල් ඉල්ලයි.

Thursday, 06 June 2013 - 18:57

%E0%B7%84%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%2C+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%94+%E0%B7%84%E0%B7%8F+%E0%B6%A9%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

13 වන සංශෝධනයේ වගන්ති දෙකක් වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලයට ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයින්ට සතියක කාලයක් ලබා දීමට තීරණය වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා. ඒ අනුව, ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

මෙම විශේෂ කැබිනට් පත්‍රිකාව අද (06) උදෑසන රැස්වූ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු අතර, මෙම යෝජනාව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට කල් ලබා දෙන ලෙස ආණ්ඩුවේ පක්ෂ නායකයින් වන අමාත්‍ය රවූෆ් හකීම්, වාසුදේව නානායක්කාර සහ ඩග්ලස් දේවානන්දා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව, මෙම යෝජනා සම්බන්ධයෙන් තම මතය ඉදිරිපත් කිරීම සඳහා සතියක කාලයක් ලබා දීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කළ බවයි අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

[MP3]s60449_1[/MP3]            

 

13 වන සංශෝධනයේ වගන්ති දෙකක් සංශෝධනය කිරීමට තීරණය කෙරුණේ පෙරේදා පැවති ආණ්ඩු පක්ෂ නායක රැස්වීමේදීයි. එම සංශෝධනයේ සඳහන් වන පළාත් සභාවලට බලපාන කරුණක් මධ්‍යම ආණ්ඩුවෙන් සම්මත කරගන්නා විට ‘‘සියලූම පළාත් සභාවල අනුමැතිය ඊට අවශ්‍යය යන වගන්තිය බහුතරයක් පළාත් සභාවල අනුමැතිය ඇතිව එය සිදුකළ හැකිය’’ යනුවෙන් සංශෝධනය කිරීමට එහිදී තීරණය වුණා.

 

පළාත් සභා දෙකක් හෝ 3 ක් ඒකාබද්ධ කර තනි පළාත් සභාවක් පිහිටුවීමට අදාළ වගන්තියද සංශෝධනය කිරීමටයි ආණ්ඩු පක්ෂයේ නායකයින් තීරණය කළේ. මෙවැනි තීරණයක් ගැනීමට රජයට හේතු වූ කරුණු අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙලෙස අනාවරණය කළා.

 

[MP3]s60449_2[/MP3]                     

 

එහෙත්, ආණ්ඩුව නියෝජනය කරන ජාතික හෙළ උරුමය පවසන්නේ 13 වන සංශෝධනයෙන් පළාත් සභාවලට ලබා දීමට යෝජනා කළ ඉඩම් සහ පොලිස් බලතල ද අහෝසි කළ යුතු බවයි. ජාතික සංඝ සම්මේලනය සහ දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය ද කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවලදී පළ කළේ ද මීට සමාන අදහස්. ජාතික හෙළ උරුමය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ සභාපති අමාත්‍ය පාඨලී චම්පික රණවක, දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වසන්ත බණ්ඩාර, ජාතික සංඝ සම්මේලනයේ ලේකම් පූජ්‍ය දොඹගොඩ සාරනන්ද හිමියන් එම මාධ්‍ය හමුවලදී පළ කළ අදහස් කිහිපයක්.

 

[MP3]s60449_3[/MP3]              

 

කෙසේ වෙතත්, ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ, ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ 13 වන සංශෝධනයේ අඩංගු වගන්ති දෙකක් හෝ සංශෝධනයට ලක් කිරීම අගය කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories