අරුන්දිකගෙන් සී.අයි.ඞී. ය ප්‍රශ්න කළ යුතුයි - එජාපය කියයි.

Thursday, 06 June 2013 - 19:21

%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%9E%E0%B7%93.+%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ඒ, අතුරුදන් වූ බව කියන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ ජීවත් වන බවට පාර්ලිමේන්තුවේදී ඊයේ (05) කළ ප්‍රකාශය සම්බන්ධයෙන්. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මේ බව සඳහන් කළා.

 

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත යටතේ සංශෝධන කිහිපයක් ඊයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනු අතර එහිදී අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ ජීවත් වන බවට මෙලෙස අනාවරණය කළා.

 

[MP3]s60452_1[/MP3]               

 

අද කොළඹ පැවති මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු.

 

[MP3]s60452_2[/MP3]

 

මේ අතර, අද කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍යහමුවේදී ද ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියා.

 

[MP3]s60452_3[/MP3]            

 

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන්වූයේ 2010 ජනවාරි මාසයේදීයි. පසුව, ඔහුගේ බිරිඳ විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනුකළා. ඊට අදාළ සාක්ෂි විභාගය පැවැත්වුණේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේයි. ප්‍රදීප් එක්නැලිගොඩ විදේශයක ජීවත් වන බවට, එවකට නීතිපතිවරයාව සිටි මොහොන් පීරිස් ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ කළ ප්‍රකාශයක්  ද  මීට පෙර ආන්දෝලනයට ලක් වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories