හෙළ උරුමයෙන් පළාත් සභා විරෝධී ජාතික එකමුතුවක්.

Friday, 07 June 2013 - 7:36

%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

හෙළ උරුමයේ කැඳවීම අනුව කොළඹට රැස්වු ආගමික සහ ජාතික සංවිධාන රැසක් පළාත් සභා ක්‍රමයට එරෙහිව ක්‍රියාමාර්ග රැසක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා. හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පැවසුවේ කරුණු 05 ක් පිළිබඳ ඊයේ එකඟතාවට පැමිණි බවයි. ඉඩම් - පොලිස් බලතල, 13 වන සංශෝධනයෙන් ඉවත් කිරීම ද ඊට අයත්. බොදුබල සේනා, සිංහල රාවය, සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය, සිංහල වීර විදාන, චින්තන පර්ෂදය, සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය, දේශප්‍රේමී භික්ෂු පෙරමුණ ආදී සංවිධාන රැසක් මෙම සාකච්ජාවට එක්වී තිබෙනවා. පළාත් සභා විරෝධී ජාතික එකමුතුව නමින් සංවිධානයක්ද ඊයේ පිහිටුවා ගත්තා. එමඟින් සඳුඳා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරන අතර, රට පුරා මහජන රැළි රැසක් පැවැත්වීමටද තීරණය කළ බවයි හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ කියා සිටියේ.

 

[MP3]s60465_1[/MP3]

 

මේ අතර, උතුරේ මැතිවරණයක් අනිවාර්යයෙන්ම පවත්වන බව රජය ප්‍රකාශ කරනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට ඊයේ (06) එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව කියා සිටියා.

 
[MP3]s60465_2[/MP3]                                    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories