මධ්‍යම රජයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් මදි. - ජයලලිතා.

Friday, 07 June 2013 - 7:38

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AF%E0%B7%92.+-+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F.

ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටලූව සම්බන්ධයෙන් ඉන්දීය රජය ශ්‍රී ලංකාවට නිසියාකාරයෙන් බලපෑම් කර නොමැති බව තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම් පවසනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය මංමෝහන් සිං වෙත ලිපියක් යොමුකරමින් ඇය පවසන්නේ මේ වනවිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ධීවර ගැටලූව විසඳීමට අපහසු ආකාරයෙන් උග්‍ර වී ඇති බවයි. ඉන්දීය මධ්‍යම රජය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැනුවත් කර අවශ්‍ය පියවර ගැනීම කඩිනමින් සිදුකළ යුතු බවයි ඇය එම ලිපියේ තවදුරටත් පෙන්වා දෙන්නේ. කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙත එල්ල කර ඇති බලපෑම් ද ප්‍රමාණවත් නොවන බවයි එම ලිපියේ තවදුරටත් සඳහන් වන්නේ. මීට අමතරව, ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා කැඳවා ඔහුට මේ සම්බන්ධයෙන් නිල වශයෙන් විරෝධය පළ කරන ලෙස ද ජයලලිතා තම ලිපියෙන් ඉල්ලා සිටිනවා. පසුගිය බදාදා ඉන්දීය ධීවරයින් 49 දෙනෙකු ශ්‍රී ලංකා මුහුදු තීරයේදී අත්අඩංගුවට පත් වූ බව පවසන තමිල්නාඩු මහඇමතිනිය ඔවුන් කඩිනමින් මුදා ගැනීමට කටයුතු කරන ලෙස ද ඉල්ලා තිබෙනවා. කෙසේ නමුත්, ඉන්දීය ධීවරයින් මහා පරිමාණ වශයෙන් මෙරට මුහුදුතීරයේ මත්ස්‍ය සම්පත කොල්ලකෑම ශ්‍රී ලංකාවේ උතුරුකරයේ ධීවරයින්ට ද විශාල ගැටලූවක්. තමිල්නාඩුව ඉල්ලා සිටින්නේ ඔවුන් සිදුකරන මෙම ආක්‍රමණය නීත්‍යානුකූල කිරීමට පියවර ගන්නා ලෙසයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories