කැළණිය සරසවියේ සිසු ගැටුමකින් 6 දෙනෙකු රෝහලේ.

Friday, 07 June 2013 - 8:01

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+6+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A.

කැළණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ රාත්‍රියේ ඇති වූ ගැටුමකින් සිසුන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ වේවැල්දූව - සීවලී මාවතේ පිහිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය නේවාසිකාගාරයකට එම පීඨයේම පිරිසක් පැමිණ පහරදීමක් සිදුකර ඇති බවයි. මෙහිදී දෙපිරිස අතර ගැටුමක් හට ගෙන තිබෙනවා. එහිදී තුවාල ලැබූ සිසුන්ගෙන් දෙදෙනෙකු කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, අනෙක් හතරදෙනා රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories