රුසියානු ජනපති පුටින් දික්කසාද වෙයි.

Friday, 07 June 2013 - 8:53

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%83%E0%B7%8F%E0%B6%AF+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 30 වසරක් තිස්සේ සිය බිරිඳ වූ ලියුඞ්මිලා ගෙන් දික්කසාද වූ බව රුසියානු ජාතික රූපවාහිනි සේවය ඔස්සේ පෙනී සිටිමින් ඊයේ ප්‍රකාශ කළා. ක්‍රෙම්ලින් මන්දිරයේ පැවති බැලේ දර්ශනයක් නැරඹීමෙන් අනතුරුව මෙලෙස සිය තීරණය ප්‍රකාශයට පත් කළ පුටින් යුවල සඳහන් කළේ එය තමන්ගේ පොදු තීන්දුවක් බවයි. 20 හැවිරිදි වියේ පසුවන සිය දියණියන් දෙදෙනාට එය බල නොපානු ඇති බවත්, ලියුඞ්මිලා එහිදී සඳහන් කළා. ලොව දික්කසාද ප්‍රතිශතය ඉහළම මට්ටමක පවතින රුසියාවේ ජනතාව සිය නායකයන්ගේ පවුල් අර්බුද පිළිබඳව තවමත් දක්වන්නේ කුතුහලයක්. ජනාධිපති පුටින් සිය බිරිඳගෙන් වෙන් වී ඔලිම්පික් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක වන අලියානා කබයේවා සමඟ විවාහවීමට සූදානම් වන බවට රාවයක් පැතිර ගියේ 2008 වසරේදීයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories