දී.මු., චීන උප අගමැති හමුවෙයි.

Friday, 07 June 2013 - 12:58

%E0%B6%AF%E0%B7%93.%E0%B6%B8%E0%B7%94.%2C+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%8B%E0%B6%B4+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව චීනයේ මිතුරු අසල්වැසියෙකු බව චීන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මා-කායි පවසනවා. කුන්මින් හි පැවැත්වෙන චීන - දකුණු ආසියානු අපනයන ප්‍රදර්ශනයට පැමිණි අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා. චීන උප අග්‍රාමාත්‍යවරයා ඊයේ (06) අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න ඇතුළු විදේශීය රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකුම මුණ ගැසී තිබෙනවා. චීන උප අගමැති මා-කායි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය චීන සංචාරයේදී නව වැදගත් ගිවිසුම් රැසකට එළඹුනු බවයි. දෙරට අතර, සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට එම ගිවිසුම් හේතු වනු ඇති. ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කරන බව චීන උප අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

 

මේ අතර, කීර්තිමත් ආර්ථික පුවත්පතක් වන ‘‘ද ඉකොනොමිස්ට්,’’ චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික සබඳතා පිළිබඳ විශේෂ විග්‍රහයක් එහි නවතම කලාපයෙන් එළි දක්වා තිබෙනවා. චීනයේ විදේශීය වරායන් යන තේමාව යටතේ ඉදිරිපත් කර ඇති එම ලිපියෙන් පෙන්වා දෙන්නේ චීනය පැරණි සේද මාර්ගය ඉන්දීය සාගරය හරහා යළි ඉදිකිරීමට කටයුතු කරන බවයි. ඒ සඳහා ඉදිකෙරෙන වරාය පෙළට ශ්‍රී ලංකාව ද ඇතුළත් වන බව එහි සඳහන්. ඉකොනොමිස්ට්, ලිපියෙන් කොළඹ වරායේ ඉදිකෙරෙන නව සංවර්ධනය පිිළිබඳව පුළුල් විස්තරයක් ඉදිරිපත් කර තිබෙනවා. සියවස් ගණනාවක් තිස්සේ වත්මන්, තත්ත්වයට පත් වූ කොළඹ වරායේ ධාරිතාව චීනයේ සහයෙන් මාස 30 ක් තුළ දෙගුණයක් වී ඇති බවයි එමගින් පෙන්වා දෙන්නේ. 2014 වසරේ අප්‍රේල් මාසයේදී සංවර්ධන කටයුතු නිමා වූ පසු කොළඹ වරාය ලොව විශාලතම බහාලූම් වරායන් 20 අතරට පිවිසෙන බව ‘‘ද, ඉකොනොමිස්ට්,’’ සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories